Wednesday, April 24, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය චෝදනාව ගැන පුළුල් පරීක්ෂණයක්




ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය ආයතනයක් විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සම්බන්ධ කර නගා ඇති අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කැබිනට් තිරණ දැනුම්දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවැත් වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න එ් බව කියා සිටියා.

එහිදී මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යතාවය, මෙම පුද්ගලයින් කවුරුන්ද? සහ චෝදනාව කුමක්ද? යන්න පිළිබඳව සම්පූර්ණ විස්තර සහිත වාර්තාවක් සැපයෙනු ඇති බවත් පැවසුවා.

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර සිටියේ ජනාධිතිවරයාගේ වෙබ් අඩවියේ යොදා තිබූ ආරක්ෂක විධාන ප‍්‍රමාණවත් නොවන බවක් මෙම සිද්ධියෙන් පැහැදිළි නොවන්නේද යන්නයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අමෙරිකාවේ රහස්‍ය තොරතුරු පවා අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නට හැකි වී තිබූ බවයි.