Friday, March 29, 2024

General line - 0115112241

තරගයක් ඉතිරිව තිබියදී කැන්ගරුවන් තරගාවලිය ජයගනී




ශී‍්‍ර ලංකාව සමග අද (31) පැවැති එක්දින කි‍්‍රකට් තරගාවලියේ 4 වැනි තරගය කඩුලු 06 කික් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා ඉලක්කය වූ 213 හඹාගොස් ලකුණු 217 ලබා ගනිමින් කැන්ගරුවන් එම ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වුණා. තරගාවලියේ ශ්‍රී ලංකාව ජය ගත්තේ එක් තරගයක් පමණයි. අවසන් එක්දින තරගය ලබන 04 වැනිදා පල්ලෙකැලේදී පැවැත්වෙනවා.

14218063_10210532118085521_553233460_n (1)14218550_10210532144366178_281749861_n14163911_10210532218888041_218211069_o 14191424_10210532218928042_1935834731_o


ඕස්ට්‍රේලියාව වේගවත් ආරම්භයක් ගනී

(Aug 31, 2016 @ 19:07)

ශී‍්‍ර ලංකා – ඕස්ටේ‍්‍රලියා එක්දින කි‍්‍රකට් තරගාවලියේ 4 වැනි තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා ලකුණු 76 ක් ලබාගත්තා. පන්දුවට පහරදෙමින් සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගොස් නැවත ඉනිම අග භාගයේදී පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40 යි.

මෙම තරගයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් දිනාගත් අවිශ්ක ප‍්‍රනාන්දු මුහුණදුන් දෙවන පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියා.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 02 ක් අවසානයේ ලකුණු 17 ක් ලබා සිටිනවා.