Thursday, April 18, 2024

General line - 0115112241

ප්‍රගතිය බලන්න බැන් කී මූන් එයි




එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් අද (31) පස්වරුවේ ශී‍්‍ර ලංකාවට පැමිණියා.

නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ බෑන් කී මූන් ඇතුළු දූත පිරිස රාතී‍්‍ර 7.30 ට පමණ කටුනායකට ළඟා වූ බවයි. ඔවුන් පිළිගනු ලැබවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් විසින්.

මේ අතර බෑන් කී මූන්ගේ මෙම සංචාරය පිළිබඳව කැබිනට් තිරණ දැනුම්දිම සඳහා අද පැවැත් වූ මාධ්‍ය හමුවේදීද ප‍්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ ශ්‍රී ලංකා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අරමුණෙන් බැන් කී මූන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.