Thursday, March 28, 2024

General line - 0115112241

ලොව ප්‍රකට බීම සමාගමකින් කොකේන් තොගයක් මතුවෙයි




ලොව ප‍්‍රකට සිසිල් බීම වර්ගයක් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාවක තිබී මහා පරිමාණ කොකේන් මත්කුඩු තොගයක් සොයාගෙන තිබෙනවා.

ප‍්‍රංශයේ පිහිටි කර්මාන්ත ශාලාවකින් මෙම කොකේන් තොගය සොයා ගත් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඒවායේ වටිනාකම යූරෝ මිලියන 50 ක් හෙවත් ආසන්න වශයෙන් ශී‍්‍ර ලංකා රුපියල් මිලියන 8000 ක් බවයි වාර්තා වෙන්නේ. අදාළ කොකේන් මත්කුඩු තොගය දොඩම් යුෂ තොගයක් අතර ගමන් මළුවල සඟවා තිබුණා. එහි බර කිලෝග‍්‍රෑම් 370කට වැඩියි.