Tuesday, April 16, 2024

General line - 0115112241

ජනපතිවරිය ධුරයෙන් නෙරපයි




බ‍්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් තනතුරින් ඉවත් කිරීමට එරට සෙනෙට් සභාව තීරණය කර තිබෙනවා.

ඒ, ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳ විභාගයෙන් අනතුරුවයි. රටේ වැඩි වෙමින් පවතින අයවැය පරතරය සැඟවීම සඳහා මීට වසර 2 කට පෙර රූසෙෆ් ඉදිරිපත් කළ අයවැය වාර්තාව විකෘති එකක් බවට පසුගියදා චෝදනා එල්ල වුණා.

ඒ පිළිබඳ පැවති විමර්ශනයේදී සෙනෙට් සභිකයින් 81 දෙනාගෙන් 61 දෙනෙකුම තීරණය කර තිබෙන්නේ ඩිල්මා රූසෙෆ් වරදකරු බවයි.

කෙසේ වෙතත් ඩිල්මා රූසෙෆ් බ‍්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව ද වනවා. තමාට එල්ල වූ දෝෂාභියෝගය දක්ෂිණාංෂික කුමන්ත‍්‍රණයක් ලෙසටයි ඇය හඳුන්වනු ලැබුවේ. බ‍්‍රසීල උප ජනාධිපති මිෂෙල් ටෙමියර් මීළඟ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතයි.

_90984221_d1e9031c-51c6-43be-a2e7-4c12332da7ad _90984225_2a5881bc-cd19-4c24-b30b-2d981768d19b _90986786_dilma _90989169_035036616-1 AFP_FP4IZ-3265