Friday, March 29, 2024

General line - 0115112241

ස්ටාර්ක් – හේසල්වුඩ් කැන්ගරු පිලෙන් හැලෙයි!




ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා වන මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඩ් ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියෙන් ඉවත් කොට තිබෙනවා.

ශ්‍රි ලංකාව හා පැවැත්වෙන තරඟාවලියෙන් අනතුරු ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි .

ඉදිරි තරඟාවලි සඳහා සූදානම් වීමට ඔවුන් දෙදෙනාට විවේකයක් ලබාදුන් බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරීන් පවසන්නේ.

ජොෂ් හේස්ල්වුඩ් නැවත ඕස්ට්‍රේලියාව බලා කැඳවන බවත් ඔහු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අතර පැවැත්වෙන ඉදිරි තරඟ සඳහා ක්‍රීඩා නොකරන බවත් මිචෙල් ස්ටාර්ක් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ඉදිරි තරඟ සඳහාද ක්‍රීඩා කරන බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.