Thursday, April 25, 2024

General line - 0115112241

‘සීකා වෛරසය‘ ලංකාවට අත වනයි!




ලොවපුරා දැඩි කතාබහට ලක්වී ඇති සීකා වෛරසය අපි‍්‍රකාවේ මෙන්ම ආසියාවේද සීඝ‍්‍ර ලෙස පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි නවතම සමීක්‍ෂණයකින් අනාරවණ වී තිබෙනවා.

අවදානම් කාණ්ඩයට පුද්ගලයින් බිලියන 2 කට අධික පිරිසක් අයත් බවයි විද්‍යාඥයින් පිරිසක් සිදුකළ මෙම සමීක්‍ෂණය මගින් හෙළිකර ඇත්තේ.

විශේෂයෙන්ම ඉන්දියාව සහ ඉන්දුනීසියාවටද සීකා වෛරසයේ බලපෑම ඇති බව ඔවුන් පවසනවා. මීට අමතරව පිලිපීනය, වියට්නාමය, පාකිස්තානය සහ බංග්ලාදේශයද තර්ජනයට ලක්ව සිටින රටවල් ලෙසටයි හදුනාගෙන ඇත්තේ.

2015 වසරේදී බ‍්‍රසීලයෙන් හදුනා ගැණුනු සීකා වෛරසය මදුරුවන් දෂ්ඨ කිරීම ඔස්සේ ව්‍යාප්ත වන බවටයි සැලකෙන්නේ. වෛරසය ආසාදනය වීමෙන් අලූත උපදින දරුවන්ගේ මොළයේ සංකූලතා ඇති විය හැකි බව හදුනාගෙන තිබෙනවා.

වෛරසය ආසාදනය වූ දරුවන්ගේ හිසෙහි හැඩයද අසාමාන්‍ය ස්වභාවයක් පෙන්නුම් කරනවා.