Tuesday, April 16, 2024

General line - 0115112241

තිලාන් සමරවීරට බංග්ලාදේශයේ ක්‍රිකට් තනතුරක්




බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස හිටපු ශී‍්‍ර ලංකා පිතිකරු තිලාන් සමරවීර පත්කර තිබෙනවා. ඒ, එළඹෙන එංගලන්ත තරගාවලිය සඳහායි.

ඔහු ජාත්‍යන්තර කි‍්‍රකට් කණ්ඩායමක් සඳහා සිය දායකත්වය ලබාදෙන දෙවන අවස්ථාව මෙය වනවා.

මීට පෙර තිලාන් සමරවීර ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කළා. ඒ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්.

මේ අතර 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් බංග්ලාදේශයේ පන්දු යවන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු කී‍්‍රඩක කර්ට්නි වෝල්ස් පත්කර තිබෙනවා.