Saturday, April 20, 2024

General line - 0115112241

කඳුළුගෑස් ප‍්‍රහාරය ගැන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් නිවේදනයක්




රංගිරි දඹුලු කී‍්‍රඩාංගණය ඉදිරිපිට විරෝධතාවක යෙදුණු කි‍්‍රඩා ලෝලින් පිරිසකට කඳුළුගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (02) නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ අදාළ තරගයේ ප‍්‍රවේශපත‍්‍ර අවසන් බව පෙර දිනයේදි සිය ආයතනය දැනුම් දුන් බවයි.

ප‍්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට සහ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළුගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරනු ලැබුවා.

දඹුල්ලේ පැවැති තරගයට අදාළ ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීම සඳහා දඹුල්ල, මාතලේ සහ අනුරාධපුර ඇතුළු ස්ථාන 18කදී ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කළ බවයි කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

තරගයක කිසිදු ප‍්‍රවේශපත‍්‍රයක් කි‍්‍රඩාංගණයේ දොරටුවලින් අලෙවි නොකරන බව දැනුම් දුන් බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් පැවසුවා.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය ලබන ඉරිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.