Saturday, April 20, 2024

General line - 0115112241

මැතිව්ස් ඉවතට – නායකත්වය චන්දිමාල්ට




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩයම සමග පැවැත්වෙන ඉදිරි තරග වලින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර තිබෙනවා.

පාදයේ ආබාධයකට ලක්ව සිටින මැතිව්ස්ට අද (02) දිනයේදී එම්.ආර්.අයි. ස්කැන් පරීක්ෂණයක් සිදු කළ බවයි කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

එම පරීක්ෂණ වාර්තාවලට අනුව මැතිව්ස්ගේ පාදයේ ආබාධය තරමක් බරපතල බැවින් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි තරග ඔහුට අහිමිවන බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ පැවැති 3 වන එක්දින කි‍්‍රකට් තරගයේදි ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයට ලක් වුණා.

ඒ අනුව ඉදිරි තරග සඳහා දිනේෂ් චන්දිමාල් ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතයි.

මැතිව්ස් වෙනුවට ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත්තේ උපුල් තරංගයි. තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවා තිබෙනවා.