Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයට




හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, අවසන් පූර්ව තරගයකදී චීනය පරාජය කරමින්. අවසන් ලකුණු සංඛ්‍යාව 19ට 17ක් ලෙස සඳහන් වුණා.

ගෝල දිනුම් 2ක් සහ උත්සාහක දිනුමක් මගින් ශ්‍රී ලංකා කන්ඩායම සිය ලකුණු 19 රැස් කලා.

මෙවර තරගාවලියේ පෙරළිකාරයන් බවට පත්වූ චීනය තරගය ආරම්භයේ සිටම නිරූපණය කළේ ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා විලාශයක්.

කෙසේ වෙතත් සැලසුම් සහගතව ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තරගය නිමා වීමට කෙටි වේලාවක් තිබියදී චීනය අභිබවා ගියා.

අවසන් තරගය ශ‍්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.