Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට රග්බි අනුශූරතාවක්




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අනුශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

දින දෙකක් පුරා හොංකොංහිදී පැවති මෙම තරගාවලියේ ශූරතාව සදහා ශී‍්‍ර ලංකාව සමග තරග වැදුණේ සත්කාරක හොංකොං කණ්ඩායමයි.

එම තරගයේදී ලකුණු 22 ට 17 ක් ලෙස තරගය ජය ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුණා. ජයග‍්‍රාහී හොංකොං කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු 22 ක වාර්තා කළා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 17 වාර්තා කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමගයි.

මෙම තරගාවලියේ දෙවන අදියර එළඹෙන 24 සහ 25 යන දෙදින දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතයි.

rugby

01