Thursday, April 25, 2024

General line - 0115112241

ගෞරවය රැක ගන්න ශ්‍රී ලංකාව අද තරග බිමට




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (04) පැවැත්වෙනවා.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය 3 ට 1 ක් ලෙස ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විටත් ජයගෙන අවසන්.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා අද තරගයේදී දිනේෂ් චන්දිමාල් ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා. චන්දිමාල් මීට පෙර එක්දින තරග දෙකකදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති අතර එම තරග දෙකම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

අද තරගයේදී උපුල් තරංගට සහ දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානයක් හිමිවන බවයි දිනේෂ් චන්දිමාල් පැවසුවේ. මේ අතර අද තරගයේදි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.