Thursday, March 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟාවලියේ වාඩුව එක්දින ක‍්‍රිකට් තරගයේදී ගනී




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා ඉලක්කය වූ 196 හඹාගොස් ලකුණු 199 ලබා ගනිමින් කැන්ගරුවන් එම ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව 4-1 ක් ලෙස තරඟාවලිය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.තරගාවලියේ ශ්‍රී ලංකාව ජය ගත්තේ එක් තරගයක් පමණයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වුණා.