Tuesday, March 19, 2024

General line - 0115112241

එටිසලාට් වෙතින් දැන් දවසේ ඕනෑම වේලාවක වැඩිපුර ඩේටා!




දිවා රාත‍්‍රී භේදයකින් තොරව අලූත්ම ඩේටා බන්ඩල් ක‍්‍රමයක්

සිය ඩේටා බන්ඩල් ක‍්‍රමය මුළුමනින්ම වෙනස්කර නව ක‍්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දවසේ  ඕනෑම වෙලාවක ඩේටා භාවිතා කළ හැකි ඩේටා බන්ඩල් ක‍්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා කටයුතු කර තිබේ.

දිවා සහ රාත‍්‍රී වශයෙන් ඩේටා භාවිතයේ සීමාවන් වෙන්කර ඇති විට පාරිභෝගිකයෝ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙති. මෙම ක‍්‍රමය යටතේ සාමාන්‍යයෙන් වැඩි ඩේටා ප‍්‍රමාණයක් හිමිවන්නේ මධ්‍යම රාත‍්‍රියෙන් පසුව ය. මේ නිසා ඩේටා භාවිතයේදී විවිධ දුෂ්කරතා මතු වේ.

Data Articles - DnN - Sinhala

මෙසේ වෙළඳපොළේ අනෙකුත් සේවා සම්පාදකයන් විසින් මධ්‍යම රාත‍්‍රියෙන් පසුව වැඩිපුර ඩේටා ප‍්‍රමාණයක් ලබාදුන්නද එටිසලාට් මගින් හිමිවන ඩේටා දවසේ  ඕනෑම වෙලාවක භාවිතා කළ හැකි නිසා තමන්ට හිමි ඩේටා ප‍්‍රමාණය තමන්ට රිසි සේ භාවිතා කිරීමේ නිදහස එටිසලාට් පාරිභෝගිකයන්ට හිමි වේ. මෙය ඔවුන්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු නොඅනුමාන ය.

 

110MB (රු.19), 275MB (රු.49), 600MB (රු.99&) 1,600MB (රු.299), 2,100 MB (රු.399), 3,277 MB (රු.549) සහ 6,144 MB (රු.999) ලෙස එටිසලාට් නව ඩේටා බන්ඞ්ල්ස් ලබාගත හැකි වේ. මෙසේ දවසට අදාළ ඩේටා ප‍්‍රමාණයට අමතරව රාතියේ නොමිලේ ඩේටා ප‍්‍රමාණයක් සහ නොමිලේ SMS ලබාදීමටද එටිසලාට් කටයුතු කරයි.

වැඩි විස්තර: http://smarturl.it/EtisalatInternetPre යන ලිපිනයෙන් ලබාගත් හැක.

Data Articles - data cards - Sinhala

072 ජාලය මෙරට මෙහෙයුම් ආරම්භ කර වසර 25 කට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. එම කාලය පුරාවට පාරිභෝගිකයන්ට අඛණ්ඩව, විශිෂ්ට සේවාවක් සැලසීමට එම ජාලය සමත් වී තිබේ. මෙම නව සේවාව සමගින් පාරිභෝගිකයන්ට දැන් දවසේ  ඕනෑම අවස්ථාවක, සාධාරණ ගාස්තු යටතේ, වෙළඳපොළේ වඩාත්ම තරගකාරී පැකේජ ලබාගනිමින්, තමන්ට රිසි පරිදි අන්තර්ජාලයේ සැරිසැරීමට අවස්ථාව උදාවී ඇත.