Thursday, March 28, 2024

General line - 0115112241

හෙට තරගයටත් ගේට්ටුවෙන් ටිකට් ගන්න එන්න එපාලු




ඕස්ටේ‍්‍රලියාව සමග හෙට (06) ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය අද (05) නම් කෙරුණා.

පළමු තරගය හෙට දිනයේත් දෙවන තරගය ලබන 09 වැනිදාත් පැවැත්වීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා සංචිතයේ නායකයා වනවා.

තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන සහ කුසල් මෙන්ඩිස් ද සංචිතයට ඇතුළත්. සීකුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රාජිත සහ දසුන් ශානක සංචිතයේ සෙසු සාමාජිකයින් වනවා.

මේ අතර හෙට තරගය සඳහා වන සියලු ප‍්‍රවේශ පත‍්‍ර මේ වන විට විකිණී අවසන් බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ. ගේට්ටුවලින් ප‍්‍රවේශ පත‍්‍ර මිලදීගත නොහැකි බවද ක‍්‍රීඩාංගණයට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ ප‍්‍රවේශ පත‍්‍ර අත දරන්නන්ට පමණක් බවද මෙහිදී අවධාරණය කෙරුණා. පල්ලෙකැලේ අන්තර් ජාතික ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.