Thursday, April 25, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනයේ සැකකරුවන් හඳුනනවාද ?




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශ අනුව සැකකරුවන් දෙදෙනෙකු චිත‍්‍රයට නගා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.

මෙම චිත‍්‍ර මාධ්‍ය වෙත අද (04) නිකුත් කෙරුණු අතර පළමු සැකකරු වයස අවුරුදු 35 ක් පමණ වන්නෙක්. අනෙක් සැකකරුගේ වයස අවුරුදු 45ක් පමණ වනවා.

කිසියම් තොරතුරක් වෙතොත් ඒවා දැනුම්දීම සඳහා 071 859 17 53 සහ 071 859 17 70 යන දුරකතන අංක සහ 011 244 0 158 සහ 011 238 0 380 යන ෆැක්ස් අංක විවෘතයි.

 

scan0002 (1)

scan0001 (1)