Thursday, April 25, 2024

General line - 0115112241

කැන්ගරුවන් සමග විස්සයි විස්ස ගැටුමට සිංහයින් සූදානම්




ඕස්ටේ‍්‍රලියාව සමග අද (06) ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති කණ්ඩායම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ශ‍්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

තරග 2කින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ අන්තර් ජාතික ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි.

අද (06) පැවැත්වීමට නියමිත තරඟය ගැන දිනේෂ් චන්දිමාල් ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් පහතින් බලන්න

මේ අතර අද තරගය සඳහා සියලු ප‍්‍රවේශ පත‍්‍ර මේ වන විට විකිණී අවසන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඊයේ (05) නිවේදනය කළා.

ගේට්ටුවලින් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත නොහැකි බවයි වැඩිදුරටත් නිවේදනය කෙරුණේ.