Tuesday, March 19, 2024

General line - 0115112241

2016 සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියට එයාර්ටෙල් අනුග‍්‍රහය




ලොව විශිෂ්ටතම ජංගම දුරකථන සේවා සමාගම් 3 අතරට එක්වී සිටින භාර්තී එයාටෙල් සමාගම, 2016 සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියට අනුග‍්‍රහය දැක්වීම සඳහා එකම අනුග‍්‍රාහක ලෙස ඉදිරිපත් වී සිටිනවා.

මෙම තරගාවලිය 32 වැනි සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා තරගාවලියේ කොටසක් වන අතර එය අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, කායික අධ්‍යපන හා ක‍්‍රීඩා අංශය මගින් සංවිධානය කරනවා. මෙවර තරගාවලිය 2016 සැප්තැම්බර් මස 9 සිට 11 දක්වා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයීය ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර තරගාවලියේ පළාත් අදියර සඳහා 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ කාණ්ඩ යටතේ පාසල් 330 ක් නියෝජනය කරමින් ශිෂ්‍යාවෝ 13,000 ක් පමණ සහභාගී වුණා.

මේ අතරින් සෑම වයස් කාණ්ඩයකින්ම පාසල් 3 ක් අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර ඒ අනුව පාසල් 54 ක් නියෝජනය කරමින් ශිෂ්‍යාවෝ 1,200 ක් පමණ අවසන් වටයේදී එයාර්ටෙල් දැල්පන්දු කිරුළ සඳහා තරග වදිනවා.

”ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරේ උන්නතිය සඳහා නව මං සෙවීමට එයාර්ටෙල් සෑමවිටම කටයුතු කරනවා. ක‍්‍රීඩාව යනු තරුණ පරපුරට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවක්. 2016 සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියට අනුග‍්‍රහය දැක්වීමට අප ඉදිරිපත් වූයේ ඒ නිසයි. මෙවැනි වැඩසටහන් මගින් තරුණ පරපුරට සාර්ථක නායකයන් ලෙස සමාජයට පිවිසීමට අවස්ථාව ලැබෙන බව අපි දැඩි සේ විශ්වාස කරනවා. ඒ වගේම මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් මෙබඳු සහයෝගයක් ලැබීම අපට විශාල සතුටක් සහ ගෞරවයක්. මෙය අනාගත පරපුර වෙනුවෙන් ඉටුවන මහඟු කර්තව්‍යයක් වනු ඇතැයි කියා අප සිතනවා.” භාර්ති එයාර්ටෙල් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ , ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඩේ මහතා පැවසුවා.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම ක‍්‍රීඩාවලින් එකක් වන දැල්පන්දු ක‍්‍රීඩාව මුලින්ම පවත්වන ලද්දේ මහනුවර මහා විද්‍යාලයේදී සිලෝන් ගයිඩ් සමාගම විසිනි. ප‍්‍රථම අන්තර් පාසල් දැල්පන්දු තරගය මහනුවර මහා විද්‍යාලය සහ C.M.S. කාන්තා විද්‍යාලය අතර 1925 වසරේදී පවත්වන ලදි. 1927 වසරේදී රජයේ පුහුණු විද්‍යාලයේදී දැල්පන්දු ක‍්‍රීඩා කිරීම ඇරඹුණු අතර ඒ වනවිට දැල්පන්දු ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාව තුළ ජනප‍්‍රිය වෙමින් පැවතිණි.

1930 වනවිට කොළඹ මෙතෝදිස්ත විද්‍යාලය සහ බිෂොප් විද්‍යාලය අතර දැල්පන්දු තරග ආරම්භ වූ අතර 1950 දශකය වනවිට මෙරට බොහෝ ක‍්‍රීඩා සමාජ අන්තර්ජාතික මට්ටමින් දැල්පන්දු ක‍්‍රීඩා කරමින් සිටියා.

2012 වසරේදී මැන්චෙස්ටර් යුනියටඩ් සමාජය සමග අත්වැල් බැඳගනිමින් ක‍්‍රීඩා අනුග‍්‍රහකත්වයන් ආරම්භ කළ එයාර්ටෙල් ලංකා සමාගම එතැන් පටන් පාපන්දු, රග්බි, ටෙනිස්, ගොල්ෆ්, ඔරු පැදීම, ක‍්‍රිකට්, පැසිපන්දු සහ දැල් පන්දු වැනි ක‍්‍රීඩා සඳහා පාසල්, දිස්ත‍්‍රික්ක සහ ජාතික මට්ටමින් අනුග‍්‍රාහක දායකත්වයන් සපයා තිබෙනවා. මෙය හුදෙක් ආයෝජනයක් නොව, මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දියුණු කරමින් රටේ තාරුණ්‍යය සවිබල ගැන්වීම සඳහා කරනු ලබන මහඟු මෙහෙවරක්.

airtel

Vote for the most favourite School http://bit.ly/2bH1JZJ