Tuesday, March 19, 2024

General line - 0115112241

සුපිරි මොන්ටෙරෝ රථයේ 7වන ජයග‍්‍රහකයා මෙන්න




‘‘මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටෙරෝ වාසි’’ ප‍්‍රවර්ධන වැඩසටහනේ 7වන ජයග‍්‍රහකයාට රුපියල් ලක්ෂ 250ක් වටිනා සුපිරි මොන්ටෙරෝ රථය ඉකුත්දා පිරිනැමුණා.

ජයග‍්‍රහකයා වූයේ කළුතර පදිංචි විජිත් රොද්‍රිගෝයි. මීට අමතරව මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තවත් ජයග‍්‍රහකයන් තුන් ලක්ෂ අනූ හතර දහස් පනස් හය දෙනෙකුට රුපියල් ලක්ෂ 2040කට වැඩි තෑගි පිරිනමා ඇති බව එස්.එල්.ටී. මොබිටෙල් සමාගම පවසනවා.

අදාළ ත්‍යාග පිළිබඳව ජයග‍්‍රාහකයින්ට දැනුම් දෙන්නේ 071 27 55 777 ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ තැපැල් මගින් පමණක් බවයි එස්.එල්.ටී. මොබිටෙල් සමාගම වැඩිදුරටත් කියා සිටියේ. ත්‍යාග සඳහා කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකරන බවද මෙහිදී අවධාරණය කෙරුණා.