Thursday, April 25, 2024

General line - 0115112241

මැතිව්ස්ට බලන් ඉන්න වෙයි




ආබාධයකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ වශයෙන් සුවය ලැබීමට තවත් සති හතරක පමණ කාලයක් ගත වනු ඇතැයි වෛද්‍ය වාර්තා අනාවරණය කර තිබෙනවා.

ක‍්‍රීඩා වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවේ මැතිව්ස් මේ දිනවල පාදයේ ආබාධය සඳහා ප‍්‍රතිකාර ලබා ගන්නා බවයි.

ඕස්ටේ‍්‍රලියාව සමග පැවති සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේ දී මැතිව්ස් පාදයේ ආබාධයට ලක් වුණා. ඒ අනුව ඉදිරි තරග සඳහා නායකත්වය පැවරුණේ දිනේෂ් චන්දිමාල්ටයි.