Thursday, April 25, 2024

General line - 0115112241

ත්‍රස්තයින් පුණ්‍යායතනයකටත් බෝම්බ ගහයි




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටා ඇති ජාත්‍යන්තර පුණ්‍යායතනයක කාර්යාලයට අද (06) ප‍්‍රහාරයක් එල්ල වුණා.

අවි ආයුධ සන්නද්ධව පැමිණි සිව් දෙනෙකු පළමුව වෙඩි තබා ඇති අතර පසුව කාර් බෝම්බයක් ද පුපුරුවා හැරියා.

ප‍්‍රහාරයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප‍්‍රහාරයට පැමිණි සියලූ දෙනා ද ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැය විසිහතරක් තුළ නගරයට එල්ල වූ පස්වන ප‍්‍රහාරය මෙයයි. කෙසේ වෙතත් ප‍්‍රහාරයේ වගකීම කිසිඳු සංවිධානයක් භාරගෙන නැහැ.

_91037522_035121529 _91037851_f43b83e8-b52a-47bd-9984-177f585c7b81 _91037853_d3d67a39-0731-4637-8f6e-c1f27dfa1339