Thursday, April 25, 2024

General line - 0115112241

LTTE භාෂා පරිවර්ථක ජෝර්ජ් මාස්ටර් නඩුවකින් නිදහස්




එල්.ටී.ටී.ඊ සංවිධානයේ භාෂා පරිවර්ථක ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් නැමැත්තාට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුතුවලින් ඔහු මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (04) තීරණය කළා.

ඔහු මෙම තීරණයට එලඹ ඇත්තේ නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට ගනිමින්.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර් නැමැත්තා සම්බන්ධයෙන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා.

ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවාදැයි නීතිපතිවරයාගෙන් තවමත් උපදෙස් ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.