Thursday, April 25, 2024

General line - 0115112241

එක්නැලිගොඩ හා ලසන්ත සිද්ධීන් අතර සම්බන්ධයක් හෙළිවෙයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හමුදා බුද්ධි අංශ සැරයන් පේ‍්‍රමානන්ද උදලාගම, අතුරුදන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට සම්බන්ධ වූ කණ්ඩායම සමග සබඳතා පවත්වා ඇතැයි අද (06) අනාවරණ වූණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කරුණු දක්වමින් ප‍්‍රකාශ කළේ බුද්ධි අංශ සැරයන්වරයා අදාළ පිරිස සම්බන්ධීකරණය කර ඇතැයි තොරතුරු පවතින බවයි.

එ් බව තහවුරු වී ඇත්තේ ඔහුගේ දුරකතන විස්තර වාර්තා විශ්ලේෂනය කිරීමෙන් අනතුරුවයි. එ් අනුව මෙම හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුවේද සැකකරුවෙකු ලෙස ඉදිරියේදී නම් කිරීමට අපේක්ෂා කරන බවයි අධිකරණයේදී අද ප‍්‍රකාශ වුණේ.

මේ අතර ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා වසරකට අධික කාලයක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් කැඳවන ලෙසටයි හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.