Thursday, April 25, 2024

General line - 0115112241

මීරිගම දුම්රිය අනතුරට දෙදෙනෙකුගේ වැඩ තහනම්




දුම්රියක් සහ එන්ජිමක් එකිනෙක ගැටීමෙන් මීරිගම විල්වත්ත දුම්රිය ස්ථානය අසලදී ඊයේ (04) පස්වරුවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

රියදුරු සහ රියදුරු සහයකට වැඩ තහනමක් ද පනවා තිබෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ.

අදාළ අනතුරෙන් තුවාල ලැබූවන් අතර ගර්භනී කාන්තාවක් ද සිටිනවා. තුවාලකරුවන්ගේ මුළු සංඛ්‍යාව 4 දෙනෙක්.

මෙම අනතුර හේතුවෙන් ඊයේ පස්වරුවේ ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් ද සිදුවුණා. කෙසේ වෙතත් මේ වන විට එහි ධාවනය යථා පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

……………………………………………………………

දුම්රියක් සහ එන්ජිමක් ගැටී මීරිගමදී අනතුරක්

Jul 4, 2016 @ 18:56

දුම්රියක් සහ එන්ජිමක් එකිනෙක ගැටීමෙන් මීරිගම විල්වත්ත දුම්රිය ස්ථානය අසලදී අද (04) පස්වරුවේ අනතුරක් සිදු වුණා.

තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

අඹේපුස්ස සහ මීරිගම අතර දුම්රිය ධාවනය මේ වන විට තනි මාර්ගයකට සීමා වී තිබෙනවා.

මේ නිසා එහි දුම්රිය ප‍්‍රමාදයක් ඇති විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ.