Friday, April 26, 2024

General line - 0115112241

එජාප ආසන සංවිධායකවරුන්ට හදිසි කැඳවීමක්




එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් අද (04) සවස 04.00 ට අරලියගහ මංදිරයට කැඳවා තිබුණා.

කෙසේවෙතත් මෙම කැඳවීම කර ඇත්තේ කුමක් සඳහාදැයි ප‍්‍රකාශ කළ හැක්කේ අරලියගහ මංදිරයට ගොස් ආපසු පැමිණීමෙන් පසුව බවයි පස්වරු 03.00 ට පමණ නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ.

අදාළ කැඳවීම සිදු කර ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයා විසින් බව දේශපාලන අරංචි කියා සිටියා.