Friday, April 19, 2024

General line - 0115112241

ISIS ප්‍රහාරයක් ගැන ඕස්ට්‍රේලියාවට අනතුරු අඟවයි




ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ප්‍රදේශ හා සංචාරක ස්ථාන කිහිපයකට තනිව එල්ල කරන ත්‍රස්ත ප්‍රහාර (Lone wolf-style attacks) සිදු කිරීමට සැලසුම් කර ඇතැයි IS සංවිධානය සිය Rumiyah නමැති සඟරාවේ නවතම පිටපතෙහි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

මෙම පුවත පළ කර ඇත්තේ IS සංවිධානයට සම්බන්ධව සිටි ඔස්ට්‍රේලියානු ජාතික Ezzit Raad සිරියාවේ යුද ගැටුම් වලින් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව බවද සඳහන්. 2005 වසරේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව මත ඔහු වැරදිකරුව සිර දඬුවම් ද නියම වූවෙක්. අනතුරුව ඔහු 2013 වසරේ සිරෙන් නිදහස් වී ඕස්ට්‍රේලියාවෙන් පිටවගොස් ඇත.

අදාල පුවතට අනුව ඕස්ට්‍රේලියාව තුළ ඉලක්ක කරන ස්ථාන ගණනාවක් පැහැදිලිව දක්වා ඇතැයිද වාර්තා වනවා. ඒ අනුව මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සිඩ්නි ඔපෙරා හවුස්ද ඇතුළුව මෙල්බන් නුවර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් එම නම්කළ ස්ථාන අතර වනබව පැවසෙනවා. අදාළ ස්ථානවල සිටින පුද්ගලයන් එම ස්ථාන වලම සහාසික ලෙස මරා දමන ලෙසත් සෙසු පුද්ගලයන්ව වෙනත් ස්ථාන වලට ගෙන ගොස් මරා දමන ලෙසත් IS සංවිධානය තම අනුගාමිකයන හට ප්‍රකාශ කර තිබෙන බවද අනාවරණය වේ.

කෙසේ වෙතත් Australian National විශ්ව විද්‍යාලයේ ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥ අචාර්ය Clarke Jones පවසන්නේ මෙය අලුතින් වද වීමට හේතුවක් නොවන බවය. “මම හිතන විදියට මේ වගේ දේවල් අපි පසුගිය වසර කිහිපය තුළම දැක්කා. ඒවගේ ක්‍රියා කලින් හඳුනාගන්න අපිට හැකිවෙලා තියෙනවා. ඒ නිසා මෙය වැඩ විය යුතු කරුණක් විදියට මම හිටහ්න්නේ නැහැ.”

ඔවුන්ට එසේ ප්‍රහාර එල්ල කිරීමට ඔස්ට්‍රේලියාව තුළින් සැලකිය යුතු ලෙස උදව් උපකාර ලැබිය යුතු බවත් ඔවුන්ට එම ඉලක්ක සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් සබඳතා ඔස්ට්‍රේලියාව තුළ නොමැති බවත් ආචාර්යවරයා පවසයි.

Rumiyah සඟරාවෙහි ඔස්ට්‍රේලියාව විශේෂයෙන්ම සඳහන් කිරීමට හේතුව මැද පෙර දිග ඔස්ට්‍රේලියාවේ ක්‍රියාකාරිත්වය බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මැද පෙර දිග සබඳතා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥ ආචාර්ය Anthony Billingsley පවසයි.

ඔස්ට්‍රේලියාව IS සංවිධානයට ප්‍රහාර එල්ල කරන තුරු ඔවුන් ප්‍රහාර එල්ල නොකරන බව ඔහුගේ විශ්වාසය වී තිබේ. “IS සංවිධානයට මෙම කාලය සැහෙන දුෂ්කර කාලයක්. ඔවුන්ට හිමි බොහෝ ප්‍රදේශ මේ වන විටත් ඔවුන්ට අහිමි වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඔවුන් මේ වගේ ප්‍රකාශ කරන්න උනන්දු වෙනවා. මොකද එමගින් ඔවුන් පෙන්නන්න උත්සාහ කරන්නේ ඔවුන්ට ලෝකේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තවමත් තිබෙන බවයි” ආචාර්ය Anthony Billingsley වැඩි දුරටත් පවසනවා.

www.sbs.com.au ඇසුරෙනි