Friday, March 29, 2024

General line - 0115112241

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට නියෝගයක්




උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිවන ජල ප‍්‍රශ්නය විසඳීම සඳහා කි‍්‍රයාත්මක කිරීමට යෝජිත නව නලජල ව්‍යාපෘතිය ලබන දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයට අද (04) නියෝග කළා.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීමට ද කඩිනමින් පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ.

උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් 03 දෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් මෙම නියෝග නිකුත් කෙරුණා.

එහිදී විභාගයට ගැනුණේ අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතා ප‍්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.