Saturday, April 20, 2024

General line - 0115112241

තායිලන්තයේදී ශ‍්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක්




තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් දස දහස පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ ලයනල් සමරජීව අද (04) සමත් වුණා. ඔහුගේ තරග නිමි කාලය විනාඩි 32 යි තත්පර 25 ක්.

මෙම තරගාවලියේ මීටර් සියය කාන්තා අවසන් තරගයට රුමේෂිකා රත්නායක අද (04) පස්වරුවේ සහභාගී වීමට නියමිතව සිටියා.

අමිල ජයසිරි සහභාගී වන දුර පැනීම පිරිමි ඉසව්වද අද පැවැත්වීමට නියමිතයි.

ගයන්තිකා අබේරත්න සහභාගී වන මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සහ සංජීව ලක්මාල් සහභාගී වන මීටර් 1500 පිරිමි ධාවන ඉසව්වද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණා.

13578992_10209995622073456_703129509_n