Thursday, April 25, 2024

General line - 0115112241

මාසයකින් IS අතුගා දමන සැලැස්මක් ට්‍රම්ප් ළඟ




තමන් බලයට පත් වී මාසයක කාලයක් ඇතුළත අයි.එස්. ත‍්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් දැනටමත් ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බවයි. බලයට පත්වීමෙන් පසු සියලු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් කැඳවා එම සැලසුම් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කරන බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරන්නේ.

අමෙරිකාවේ යුද ශක්තිය වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.