Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද පැරාලිම්පික් තරඟ බිමේ




ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් දෙදෙනෙකු අද (09) පැරාලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ, ටී 44 කාණ්ඩයේ මීටර සියය සහ ටී 47 කාණ්ඩයේ කාන්තා දුර පැනීම තරග නියෝජනය කරමින්.

අජිත් හෙට්ටිආරච්චි මීටර් සියය දෙවන මූලික වටයේ තරගයට මෙලෙස තරග වදින අතර දැනට ඔහු වාර්තා කර ඇති හොදම කාලය ලෙස දැක්වෙන්නේ තත්පර 12 යි දශම 3 යි 0 ක්.

කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් අමරා ඉන්දුමතී තරග බිමට පිවිසෙන අතර ඇය දැනට වාර්තා කර ඇති හොදම දක්‍ෂතාව වන්නේ ලෙස මීටර් 4 යි දශම 7 යි 0 ක්.