Friday, March 29, 2024

General line - 0115112241

අද තරගයේ 500යේ ටිකට් 2500යි – කළු කඩ වෙළෙන්දෙක් කියන කතාව (AUDIO)




ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (09) රාති‍්‍ර පැවැත්වෙනවා. මේ වනවිට තරගයේ සියලූ ප‍්‍රවේශපත් විකිණී අවසන් වී ඇති අතර අද උදෑසන කී‍්‍රඩාංගණය ඉදිරිපිටදී ඇතැම් පුද්ගලයන් වැඩි මිලට ප‍්‍රවේශපත් අලෙවි කරන අයුරු දක්නට ලැබුණා.

වැඩි මිළට ප‍්‍රවේශපත් අළෙවි කරන පුද්ගලයෙකු සමග කතාබහ කිරීමට නෙත් නිවුස් වාර්තාකරු කසුන් කැලූම් කුමාර සමත් වුණා.

මේ අතර අද තරගයේදී සචිත‍්‍ර‍්‍ර සේනානායක වෙනුවට මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැදවනු ඇතැයි වාර්තා වනවා. රාත්‍රී 7.00ට තරගය ඇරඹීමට නියමිතයි.