Wednesday, April 24, 2024

General line - 0115112241

ඇල්ෆ් කඳුවැටියේ සිරවුණු සංචාරකයින් පිරිසක් බේරාගැනේ (VIDEO)




ප‍්‍රංශයේ ඇල්ෆ් කඳුවැටියේ සිරවී සිටි තවත් සංචාරකයින් 33 දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඒ, හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදුකළ මෙහෙයුමකදීයි.

මුහුදු මට්ටමේ සිට අඩි දොළොස් දහස් හාරසීය හැට අටක් උසින් පිහිටි මෝන්ට් බ්ලැන්ක් කඳු ආශ‍්‍රිතව මෙම පිරිස සිර වී සිටියා.

කඳු අතර සවිකර ඇති කේබල් රථ අක‍්‍රිය වීම හේතුවෙන් සංචාරකයින් පිරිස අදාළ අනතුරට මුහුණපෑවා.

මෙහිදී කඳුවැටිය ආශ‍්‍රිතව සිර වූ බවට සැලකෙන මුළු සංචාරකයින් සංඛ්‍යාව 110ක්.

ඔවුන් ඊයේ (08) රාත‍්‍රියේ සිට අධික ශීත කාලගුණයක් යටතේ කඳුකර ප‍්‍රදේශයේ සිර වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කඳු ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සිර වී සිටි සංචාරකයින් 48 දෙනෙකු මීට පෙර බේරා ගැනුණා.

french-alps-cable-cars-tourists-rescued-5 french-alps-cable-cars-tourists-rescued-4 french-alps-cable-cars-tourists-rescued-3 french-alps-cable-cars-tourists-rescued-2 french-alps-cable-cars-tourists-rescued-1