Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියාවට වැඩ වරදියි




උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, ආරක්ෂක කවුන්සිලයේ පැවති හදිසි රැස්වීමකින් අනතුරුවයි.

මීට හේතු වූයේ උතුරු කොරියාව විසින් පස්වෙනි වරටත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකිරීමයි.

උතුරු කොරියාව නිල වශයෙන් නිවේදනය කළේ මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම ඉතා සාර්ථක වූ බවයි.

2006 වසරේදී උතුරු කොරියාව සිදුකළ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එරටට එරෙහිව සම්බාධක 5ක් පනවනු ලැබුවා.