Friday, March 29, 2024

General line - 0115112241

දරුවා පැහැරගත් සහෝදරියන් දෙදෙනායි ඉන්දීය ජාතිකයායි රිමාන්ඩ්




වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු පැහැර ගෙන ගිය බව කියන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, පුත්තලම වැඩබලන මහේස්ත‍්‍රාත් මොහොමඞ් ඉක්බාල්ගේ නියෝගයකට අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ත‍්‍රීරෝද රථ රියදුරෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කාන්තාවන් දෙදෙනා පුත්තලම කරඩිපුවල් ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. ඉකුත් නව වැනිදා උදෑසන මොවුන් පුත්තලම වාන පාරේ පදිංචිව සිටි සිව් හැවිරිදි දරුවෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ දරුවාගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලෙන් අනතුරුවයි. ඒ අනුව පුත්තලම පොලිස් නිලධාරීන් අදාළ පැහැර ගැනීමට සම්බන්ධ එක් කාන්තාවක් ඉකුත් 09 වැනිදා පස්වරුවේම අත්අඩංගුවට ගනු ලැබුවා. ඇයගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමවලින් පසු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.