Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයක් දිනයි




ජගත් විශ්ව විද්‍යාලයීය පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම අද (11) සමත් වුණා. ශ්‍රී ලංකාව ලෝක සරසවි ක්‍රිකට් ශූරතාවක් ජයග්‍රහණය කල ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ අවසන් මහ තරගයේදී බංග්ලාදේශ විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 24 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 191ක් රැස් කිරීමට සමත් වුණා.

රනිත ලියනාරච්චි පන්දු 27කදී ලකුණු 57යි. ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමට, ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක සහ ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටියා. ධනංජය ද සිල්වා පන්දු 24කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 32ක් රැස් කළා. දසුන් ශානක ලකුණු 19 යි.

ලකුණු 192ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ විශ්ව විද්‍යාල කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 167ක් පමණයි.

පන්දු යැවීමේදී කොෂාන් ජයවික‍්‍රම ලකුණු 27කට කඩුලු 4ක් සහ චාමික කරුණාරත්න ලකුණු 17කට කඩුලූ 2ක් දවා ගැනීමට සමත් වුණා.

සිවුවැනි වරට පැවැති මෙවර ජගත් විශ්ව විද්‍යාල පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට රටවල් 8ක් සහභාගි වුණා.

14302940_10210638331100780_1734156807_n 14329064_10210638304900125_1406541610_n

sl-cric