Wednesday, April 24, 2024

General line - 0115112241

මියගිය සරසවි සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද




කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක තිබී ඊයේ (11) පස්වරුවේ සොයා ගැණුනු වෛද්‍ය සිසුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ බිබිල ප‍්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි තරිඳු සෙනෙවිරත්න නමැති සිසුවෙක්. කුරුඳුවත්ත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයා ගැණුනා.

මෙම සිසුවා කිසියම් රෝගී තත්වයක් සඳහා දීර්ඝ කාලයක සිට ප‍්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

එමෙන්ම විභාග කිහිපයක් අසමත් වීම නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් ද සිට ඇති බවයි දැනට සිදු කෙරුණු මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

එම නිසා කිසියම් විෂ වර්ගයක් සිරුරට එන්නත් කර ගනිමින් ඔහු දිවි නසා ගන්නට ඇති බවට සැකයක් පවතිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

 

සබැඳී පුවත්

කොළඹ සරසවියේ නේවාසිකාගාරයක මළසිරුරක්