Thursday, April 25, 2024

General line - 0115112241

විනිසුරුවරයෙකුගේ පහරදීමකින් බොක්සිං ක‍්‍රීඩකයා රෝහලේ




පාසල් බොක්සිං තරගයක් අතරතුර විනිසුරුවරයෙකු මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ බොක්සිං ක‍්‍රීඩකයෙකුට සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

නෙත් නිව්ස් කළ සොයා බැලීමක දී හෙළි වුණේ අදාළ විනිසුරුවරයා බොක්සිං වළල්ල තුළ දී මෙම සිසුවාට අවවාදයක් සිදු කර ඇති බවයි.

පසුව තරගයෙන් අනතුරුව එම විනිසුරුවරයා මෙම ක‍්‍රීඩකයාට පහර දීමක් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ දී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසල් බොක්සිං සංගමය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පහරකෑමට ලක්වූ ක්‍රීඩකයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.