Friday, March 29, 2024

General line - 0115112241

පැරණි නුග ගසක අත්තක් කඩා වැටී වතු නිවාසයකට හානි (PHOTOS)




හැටන් වනරාජා වතුයායේ තිබූ වසර දෙසියයකට වඩා පැරණි නුග ගසක අත්තක් කඩා වැටීමෙන් ඒ අසළ තිබූ වතු නිවාසයකට හානි සිදුව තිබෙනවා.

හැටන් – නෝට්න්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයේ කාසල්රී ජලාශයට යාබදව ඇති අදාළ නුග ගසේ තවත් අතු කිහිපයක් දිරාපත් වී ඇති අතර ඒවා ද කඩා වැටීමේ අවදානමක් පවතින බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

අද (12) අලුයම හතරට පමණ එම නුග ගසේ අත්තක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී නිවැසියන් නිවස තුළ සිටිය ද ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැහැ. නිවසේ වහලයට හා ගෘහ උපකරණවලට හානි සිදුව තිබෙනවා.

house-www-nethnews-lk00001 house-www-nethnews-lk00002 house-www-nethnews-lk00003 house-www-nethnews-lk00004 house-www-nethnews-lk00005