Thursday, March 28, 2024

General line - 0115112241

ගුවන් හමුදාවේ මුල් පුටුව වෙනස් වෙයි




නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති පත් කර තිබෙනවා. ඒ, එයාර් මාර්ෂල් ධුරයට උසස් වීමක් ද ලබා දෙමින්.

ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ගඟන් බුලත්සිංහලගේ නිල කාලය අදින් අවසන් වනවා. ඒ අනුව මෙම නව පත් කිරීම සිදුකර ඇති බවයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ප‍්‍රකාශ කළේ.

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වනවා.

ඔහු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 1982 වසරේදියි. ඒ, කැඩෙට් නිලධාරියෙකු ලෙසයි.

එතැන් සිට ගුවන් හමුදාවේ විවිධ තනතුරු දැරූ ඔහු ගුවන් හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

kapila-jayampathi