Friday, April 19, 2024

General line - 0115112241

යාපනයේ මත් උවදුර ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්




යාපනයේ පවතින මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් තමන් නොදැන සිටි කරුණු රැසක් ඉකුත් දා දැන ගැනීමට හැකියාව ලැබුණු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් ඒ සම්බන්ධයෙන් දැනගත් වහාම එම උවදුර මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්නැයි පොලිසියට හා ත‍්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදුන් බවයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (12) පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“මම පෙරේදා උදේ මත්ද්‍රව්‍ය පිළිබඳව ජාතික වැඩසටහනේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේ උතුරේ යාපනය ප්‍රදේශයේ. යාපනයේ උදේ වරුවේ උත්සවය අවසන් වෙලා අපි පොලිස්පතිතුමත් යාපනයේ අලුත් පොලිස් කාර්යාලය විවෘත කරන්න ගිය වෙලාවේ යාපනයේ මහාධිකරණ විනිසුරුතුමා ඇතුළු යාපනය ප්‍රදේශයේ විනිසුරුවරුන් කිහිප දෙනෙක්ම ඒ වෙලාවේ මාව හමුවුණා. උතුරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබඳ තත්ත්වය මට පැහැදිලි කළා. එහිදී මම උතුරු ප්‍රදේශය සම්බන්ධයෙන් නොදැන සිටි මත්ද්‍රවය සම්බන්ධයෙන් කරුණු රාශියක් දැනගත්තා. ඒ වෙලේ මම උතුරේ තත්ත්වය එතැන සිටි නාවික , පොලිස් , යුධ හමුදාවල ප්‍රධානීන් එක්ක කතාකළා එහි තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් අප විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව”.