Thursday, March 28, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකට ජනපතිගෙන් දුරකතන ඇමතුම්




තමන් සමග සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකට ආරාධනා කර තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලූත්ගමගේ, කුමාර වෙල්ගම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එලෙස ආරාධනා ලැබූ කිහිපදෙනෙක්. බන්දුල ගුණවර්ධන, පියල් නිශාන්ත සහ ජානක වක්කුඹුර ද ආරාධනා ලැබූවන් අතර වනවා.

මෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා ආරාධනා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ආරාධනා ලැබූ සියලු දෙනා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව අලුත් පක්ෂයක් තැනීමට විරුද්ධව සිටින අය බවද සඳහන් වනවා.

ජානක වක්කුඹුර මන්ත‍්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායක ධුරයට ද තවමත් වෙනත් අයෙකු පත්කර නැහැ.