Friday, March 29, 2024

General line - 0115112241

දිගන ප‍්‍රදේශයේ තරුණයෙකු අතුරුදන්




මාස 5 ක් පමණ තිස්සේ සිය පුතණුවන් අතුරුදන්වී සිටින බව දිගන ප‍්‍රදේශයේ කාන්තාවක් පවසනවා.

මෙලෙස අතුරුදන්වී සිටින්නේ වයස අවුරුදු 22 ක් පමණ වන ප‍්‍රදීප් ආරියපාල නමැත්තෙක්.

වෙනත් ප‍්‍රදේශයකින් පැමිණි වයස අවුරුදු 25 ක් පමණ වන අමිල සඳකැලුම් නමැත්තෙකු සිය නිවසේ නවාතැන් ගෙන සිටි බවද සිය පුතණුවන් ඔහු සමග ඉතා හිතවත් වූ බවද අදාළ කාන්තාව කියාසිටියා.

ඔවුන් දෙදෙනා ඉකුත් අපේ‍්‍රල් මස 21 වනදා වරකාපොල ප‍්‍රදේශයට පිටත්ව ගිය බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. එතැන් සිට සිය පුතණුවන් අතුරුදන් වී සිටින බවද ඇය කියාසිටියා.

මෙම සිද්ධියෙන් මාසයකට පමණ පසු සිය පුතණුවන්ගේ බවට සැක කෙරෙන මළසිරුරක් පොලීසිය මගින් හමුවු බවද අදාළ කාන්තාව පැවසුවා.

ඒ දිනවලදීම සිය පුතණුවන් සමග වරකාපොලට පිටත්ව ගිය අමිල සඳකැලුම්ගෙන් නැවත වරක් දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩද ලැබුණු බවයි ඇය කියාසිටියේ.
අමිල සඳකැලුම් නමැතැත්තාගෙන් හදිසියේ ලැබුණු දුරකතන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධයෙන් තමන් පොලීසිය දැනුවත් කළ බවද අදාළ කාන්තාව පැවසුවා.

කෙසේවෙතත් පොලීසිය ඒ සම්බන්ධයෙන් හෝ විමසිලිමත් නොවූ බවටයි ඇය චෝදනා කළේ.