Wednesday, April 24, 2024

General line - 0115112241

ආණ්ඩුවේ වැඩේ හොරුන් ඇල්ලීම විතරද ?



වංචනිකයන්ට සහ දූෂිතයන්ට දඬුවම් දෙනවා සේම මහජනතාවගේ සෙසු ප‍්‍රශ්නවලටද විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එඩ්වඩ් ගුණසේකර පවසනවා.

කෙසේවෙතත් මැතිවරණවලදී දුන් පොරොන්දු අනුව වංචනිකයන්ට සහ දුෂිතයන්ට දඩුවම් දීමට ආණ්ඩුව ප‍්‍රමුඛත්වය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ඉකුත්දා පැවති එක්සත් ජාතික පක්‍ෂයේ 70 වන සංවත්සර උත්සවයේදී අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ඊයේ (12) රාති‍්‍ර ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

(එම වැඩසටහන පහතින් අහන්න)