Saturday, April 20, 2024

General line - 0115112241

සෙලාන් Sure ගිණුම් හිමියන්ට ලබා දෙන නව ප‍්‍රතිලාභ රුපියල් 200,000 දක්වා ඉහළට




ලාංකේය බැංකු ක්‍ෂේත‍්‍රයේ පෙරලිකාර ඉදිරි පියවරක් තබමින් සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම වරප‍්‍රසාද ලබා දෙනු වස් ගනුදෙනුකරුවන් අතර වඩාත් ජනප‍්‍රිය විශ්වාසදායී ප‍්‍රතිලාභ ක‍්‍රමයක් වන ‘සෙලාන් sure’ නව ප‍්‍රතිලාභ රැසක් සමගින් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

වර්තමානය වන විට බැංකු ක්‍ෂේත‍්‍රය තුළ මිණුම් දණ්ඩක් බවට පත්ව ඇති ඉතුරුම් හා ජංගම ගිණුම් හිමියන් සඳහා වන මෙම විශ්වාසදායී ප‍්‍රතිලාභ ක‍්‍රමයන් හඳුන්වාදීමේ ප‍්‍රමුඛයා ලෙස සෙලාන් බැංකුව සඳහන් කළ හැකියි. එහි සුවිශේෂී සංධිස්ථානයක් වන ‘සෙලාන් sure’ ඉතා නම්‍යශීලී තැන්පතු ක‍්‍රමයක් තුළින් සිය ගිණුම් හිමියන්ට අනිවාර්ය ප‍්‍රතිලාභ හා ත්‍යාග ලබා දෙන බව තහවුරු කොට ඇත. එහිදී ගිණුම් සඳහා ලබා දෙන පොලියට අමතරව බද්ධ හා පුද්ගලික ගිණුම් හිමි ගනුදෙනුකරුවන් දෙපිරිසටම රුපියල් 200,000 දක්වා උපරිම ප‍්‍රතිලාභ මුදලක් ලබා දීමට සෙලාන් බැංකුව කටයුතු කර තිබෙනවා.

ශී‍්‍ර ලාංකේය බැංකු ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී බැංකුවක් ලෙස සෙලාන් බැංකුව දිනුම් ඇදීම තූළින් ත්‍යාග ලබාදීමේ ක‍්‍රමයෙන් ඔබ්බට යමින් සියලු දෙනා හට ත්‍යාග ලබා දීමට මේ සමග සමත්ව ඇත. විවාහයකදී, දරු උපතකදී, ශල්‍යකර්මයකදී මෙන්ම 60වැනි උපන්දිනය වැනි ගනුදෙනුකරුවන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් නොව ඔවුන්ගේ දරුවන්ගේ 5 වසර ශිෂ්‍යත්වය විභාගය, සා.පෙළ හා උ.පෙළ විභාග සමත්වීමේදීත්, ගිණුම් හිමියන්ගේ 10 වැනි විවාහ සංවත්සරයේදීත් අනිවාර්ය ත්‍යාග හා මුදල් ප‍්‍රතිලාභ පිරිනැමීමට සෙලාන් බැංකුව විසින් මෙහිදී කටයුතු කිරීම විශේෂත්වයකි.

සැත්කමකදී ගනුදෙනුකරුවන් වෙත රුපියල් 200,000ක් දක්වා ප‍්‍රතිලාභ මේ මගින් හිමිවේ. සෑම ගනුදෙනුකරුවකුටම ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයන්හිදී ලැබෙන සුවිසල් වරප‍්‍රසාදයක් ලෙසද ‘සෙලාන් sure’ හඳුන්වා දිය හැකිය. ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන ප‍්‍රතිලාභයන් වෙනුවෙන් අලුතින් එක් කරනු ලැබූ ප‍්‍රතිලාභයන්හිදී ගනුදෙනුකරුවන්ගේ දූ දරුවන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුවහොත් ඔවුන්ට රුපියල් 50,000ක් දක්වා මෙන්ම අ.පො.ස සා.පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ (A) 8ක් ලබා හෝ අ.පො.ස. උ.පෙළින් විශිෂ්ට සාමාර්ථ (A) 3ක් ලබා සමත් වුවහොත් රුපියල් 50,000ක් දක්වාද ද සෙලාන් බැංකුව විසින් ලබා දේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ 10 වැනි විවාහ සංවත්සරයේදීද රුපියල් 50,000ක් දක්වා මුදලක් පිරිනැමීම මෙහි විශේෂත්වයකි.

මේ ආකාරයේ සුවිසල් ප‍්‍රතිලාභ හිමිකර දෙන ‘සෙලාන් sure’ යෝජනා ක‍්‍රමය පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා පුද්ගලික බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටිලාන් විජයසේකර මහතා

‘‘බැංකු ක්‍ෂේත‍්‍රයේ ලබා දෙන ප‍්‍රතිලාභයන්හි ඉදිරි පිියවරක් තබමින් ‘සෙලාන් sure’ ප‍්‍රතිලාභ ක‍්‍රමය නැවත වරක් ගනුදෙනුකරුවන් වෙත නව ප‍්‍රතිලාභ රැසක් ගෙන එන්නට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. අද වන විට අපගේ ගනුදෙනුකරුවන් වෙත රුපියල් 200,000 දක්වා අගනා ඉහළ ප‍්‍රතිලාභ අත්කර දීමට අප කටයුතු කර තිබෙනවා. එමෙන්ම ප‍්‍රතිලාභ ක‍්‍රමයන් තව දුරටත් ප‍්‍රසාරණය කිරීම තුළින් ගනුදෙනුකරුවන්ට ප‍්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාවන් ඉහළ නැංවීමටත් අප කටයුතු කළා. නිරන්තරයෙන් ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කරමින් නව්‍ය සේවාවන් රැසක් මෙරට ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇති සෙලාන් බැංකුව තව තවත් අසමසම ප‍්‍රතිලාභයන් භුක්ති විඳීමේ අවස්ථාව ඔවුන්ට සළසා දී ඇති බව සතුටින් ප‍්‍රකාශ කළ හැකියි’’ යනුවෙන් පැවසුවා.

‘සෙලාන් sure’ ප‍්‍රතිලාභ ක‍්‍රමය නැවත දියත් කිරීමෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීමේ විවිධ අවස්ථාවන් වැඩි වීම මත ගනුදෙනුකරුවන්ට විශාල වටිනාකමක් එක් කිරීම සෙලාන් බැංකුවේ අරමුණ වන අතර ගනුදෙනුකරුවන්ට ද ඒ හරහා අලුත් අවස්ථාවන් රැසක් නිර්මාණය වීම නිසා සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැන්මට අවකාශ උදා වේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම බැංකු අතුරින් එකක් ලෙස හඳුන්වාදිය හැකි සෙලාන් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නාද වේ. එහි ශක්තිය හා ස්ථාවර බව මනාව පිළිබිඹු කරමින් 2015/2016 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ ඉහළම ලාභය වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වූ අතර එය රුපියල් බිලියන 3.83ක් විය. වසරින් වසර තැන්පතු වර්ධන අනුපාතය 20.76% ක් වන සෙලාන් බැංකුවෙහි සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 296.33කි.

ශ‍්‍රී ලංකාව පුරා ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානයන්ට අමතරව ශාඛා 166කටද ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර 193කටද හිමිකම් කියන සෙලාන් බැංකුව වර්ධනීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ළමා ඉතුරුම්, සාමාන්‍ය, ආයතනික ගනුදෙනුකරුවන් ජාලයකටද හිමිකම් කියයි. එමෙන්ම ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කරගත් දින 365 බැංකු සේවාව,සජීවී සංවාද සේවාව සහ WhatsApp හා Facebook messenger හරහා ගනුදෙනුකරුවන්ට වඩාත් සමීප විය හැකි පාරිභෝගික උපකාරක සේවාවන්ද සෙලාන් බැංකුව විසින් දියත් කරනු ලැබීම තවත් විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. තවද ඩෙබිඞ් හා ස්වයංක‍්‍රීය ටෙලර් කාඞ් භාවිතයෙන් රුපියල් 250,000ක් දක්වා මුදල් ලබා ගත හැකි වීමද සෙලාන් බැංකු සේවාවේ විශේෂත්වයකි.