Tuesday, April 23, 2024

General line - 0115112241

කිඹුලෙක් පාදයක කොටසක් ඩැහැගෙන – මැණික් ගඟේ නෑම ප්‍රවේශමෙන්




කතරගම පෙරහැර මංගල්‍ය අද (05) ආරම්භ වන නිසා මේ වන විටත් බැතිමතුන් බොහෝ පිරිසක් කතරගමට පැමිණ සිටිනවා. ඉදිරි දින කිහිපයේදී ද තවත් බොහෝ පිරිසක් එහි පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

කතරගමට පැමිණෙන බැතිමතුන් සෑම කෙනෙකුම පාහේ මැණික් ගඟේ දිය නෑම ද පුරුද්දක් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් දිය නෑම සඳහා මැණික් ගඟට බැසීමේදී ආරක්ෂිත බවට දක්වා ඇති ස්ථාන පමණක් භාවිත කරන ලෙසයි මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් ඩී.ඒ. පද්මකුලසූරිය මහත්මිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. මැණික් ගෙඟ් කිඹුලන් ගැවසීම මීට හේතු වී තිබෙනවා.

මැණික් ගෙඟ් සිටි කිඹුලන් 9 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් ඉකුත් දිනවල ඉන් ඉවත් කෙරුණු බවද ඇය පැවසුවා.

මේ අතර දියනෑම සඳහා මැණික් ගඟට බැසි පුද්ගලයෙකු ඊයේ (04) රාත‍්‍රියේ ද කිඹුල් ප‍්‍රහාරයකට ලක් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කිඹුලෙකු විසින් ඔහුගේ පාදයක කොටසක් ඩැහැගෙන ගොස් තිබෙනවා.