Saturday, April 20, 2024

General line - 0115112241

කැළණි ගඟට කිරි මුසුවෙයි




හැටන් සිට කෑගල්ල දක්වා දියර කිරි ප‍්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කළුකොහුතැන්න ප‍්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.

කැළණිගඟ ආසන්නයේ බෑවුම් සහිත ප‍්‍රදේශයකදී එම බවුසරය පෙරලී ගොස් ඇත්තේ එහි තිරිංග එකවරම ක්‍රියා නොකිරීම නිසා රථය නතර කර ගැනීම සඳහා රියදුරු විසින් මාර්ගයේ කදු ගැටයක රථය ගැටීමට සැලැස්වීම හේතුවෙන්.

අනතුරට ලක් වූ බවුසරය මගින් කිරි ලීටර් 4500ක් ප‍්‍රවාහනය කරමින් තිබූ අතර බවුසරය පෙරළීමෙන් කිරි කැළණි ගඟට මුසු වෙමින් පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

dsc00398 dsc00399 dsc00402 dsc00406 dsc00408 dsc00414 dsc00417 dsc00420 dsc00423 dsc00426 dsc00432