Friday, April 19, 2024

General line - 0115112241

තමිල්නාඩුවේ සිට පැමිණි 90 ක් යළි උතුරට යයි




යුද්ධය පැවති සමයේ ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයට පලාගිය දෙමළ ජාතිකයින් 90 දෙනෙකු අද (13) යළි දිවයිනට පැමිණියා.

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි.

මෙම පිරිස යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ  මඩකලපුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගත් බවද නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.