Tuesday, April 16, 2024

General line - 0115112241

සජින් වාස් යළි රිමාන්ඩ්




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 8 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයක් අනුවයි.

අයථා අන්දමින් රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

මීට පෙර නඩු වාරයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සජින් වාස් ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර අදාළ මුදල ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් තමාට එවැනි තර්ජනයක් සිදුනොවූ බවද සජින් වාස් ගුණවර්ධන මහතාගේ සමාගමක් සමග සිදුකරන ලද ව්‍යාපාරික ගනුදෙනුවකදී තමන්ට පාඩුව සිදුවූ බවද එම ව්‍යාපාරිකයා අධිකරණය හමුවේ අද (05) කියා සිටියා.