Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට හැදූ පිස්තෝලයක් සමග පාතාල සමාජිකයෙක් අල්ලයි (PHOTOS)




මෙරට නිෂ්පාදනය කරන ලද මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ යොදන පිස්තොලයක් අද (13) ඉමදුව පොලිසිය සිදුකරන ලද වැටලීමක දී සොයා ගත්තා.

අවුරුදු 18 ක පුද්ගලයෙකු සමඟින් මෙම ගිනිඅවිය අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉමදුව පොලිසිය පැවසුවේ.

ඉමදුව වවුලුගල ප්‍රදේශයට ආසන්නයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගිය කාලය තුල අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශවල බිහිසුනු අපරාධ ගණනාවක් සිදුකරන ලද පාතාල කල්ලියක සාමාජිකයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ සැකකරු තම බිරිඳගේ නිවසේ පදිංචිව සිට ඇති අතර පාතාල ක්‍රියා සඳහා යොදා ගන්නා ලද මෙම පිස්තෝලය බිරිඳගේ නිවසට ගෙනවිත් බිරිඳගේ සොහොයුරන් බිය වද්දා තිබෙනවා.

sam_1447sam_1449